|
Written by රමණි පොන්නම්පෙරුම
|
|
Tuesday, 07 September 2010 05:46 |
|
Top Lanka News ඇමරිකාවට අල්කයිඩා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය එල්ලකිරීම සිහිකරමින් සැප්තැම්බර් 11 දිනයේ ඉස්ලාම් මුලධර්මවාදින්ට අනතුරු හැගවිමක් කරන්ට අදහස් කරන එක්තරා පාස්ටර් වරයෙකු යටතේ සංවිධානය වු ක‍්‍රිස්තියානින් පිරිසක් ඇමරිකාවේ ප්ලොරිඩා ප‍්‍රාන්තයේ දේවසථානයක කුරානය ගිනි තැබිමට සුදානම්වේ. මෙය නවත්වන්නැ යි බොහෝ දෙනෙකුගෙන් ඔවුන්ට ඉල්ලීම් ලැබී ඇත. මේ අතර ඇෆ්ගනිස්ථානය ඉන්දුනිසියාව ආදී රටවල ඉස්ලාම් අදහන්නන් කුරානය ගිනි තැබීමට විරෝධය දක්වන ක‍්‍රියා දැනටමත් ආරම්භකර තිබේ. |
|
Read more...
|
|
Written by සිතා පෙරේරා
|
|
Monday, 06 September 2010 14:53 |
Top Lanka News ආගමේ ගෞරවය ආරක්ෂාකිරිම සදහා කාන්තාවන් මරාදැමීම ඉස්ලාම් රටවල් බොහොමයක සිදුවන්නකි. බංගාලදේශය පකිස්ථානය වැනි රටවල කාන්තාවන් මරා දැමීම සුලභ ව කෙරේ. මෙම රටවල සිට ඇමරිකාව කැනඩාව ආදි රටවල පදිංචියට පැමිණ සිටින පවුල් බොහොමයක් ම කාන්තාව පාලනය කරන බව රහසක් නොවේ. මේ නිසා පේ‍්‍රම සම්බන්ධතා ඇතිකර ගන්නා ඉස්ලාම් තරුණියෝ හැමවිටම අමාරුවේ වැටෙති.
|
|
Read more...
|
|
Saturday, 04 September 2010 20:20 |
Top Lanka News එක්සත් ජාතික පක්ෂයේ නායකයා දකුණු ඉන්දියාවේ සංචාරයක යෙදෙන්නේ එහි දී ජනමාධ්‍යකරුවන් ඇසු ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින් ලංකාවේ දෙමළ ජනයාට ප‍්‍රශ්න ඇති බව පිළිගෙන එම ප‍්‍රශ්න වලට විසදුම් සැපයිමේදී ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවේ මැදිහත්වීම වැදගත් යයි ප‍්‍රකාශ කළ බව වාර්තාවේ.
|
|
Written by රමණි පොන්නම්පෙරුම
|
|
Saturday, 04 September 2010 05:47 |
Top Lanka News ඕස්ටේරිලියාවේ ඉස්ලාම් ආගමික නායකයෙක් වු සයික් මුහම්මඞ් ඕලන්දයේ ජනප‍්‍රිය දේශපාලනඥයෙකුවු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීට් විල්ඩර්ස් සාතන්ගේ නියොජිතයයෙකු වශයෙන් හදුන්වමින් 'ඔහුගේ හිස ගසා දමන්න' 'ඔලූව චප්ප කරන්න 'යයි කියා සිටී. මෙම පුවත ඕලන්දයේ සියලූම ප‍්‍රවෘත්ති පත‍්‍ර වාර්තා කර ඇත. ඒ ඇයි?
|
|
Read more...
|
|
Thursday, 02 September 2010 21:49 |
Top Lanka News
බිතාන්‍යයේ සිටින කීර්තිමත් භෞතික විද්‍යාඥයෙකු වු ස්ටෙපන් හෝකින්ස් විශ්වය දේව නිර්මාණයක් නොවන බව පැහැදිලි කරමින් ග‍්‍රන්ථයක් ප‍්‍රකාශයට පත්කර තිබේ. මෙය නිර්මාණවාදී ආගම් වලට සම්බන්ධ සියලූම පුජකවරුන් ඇවිස්සීමට හේතුවන පොතක් වෙනු ඇතැයි බොහෝ විවේචකයෝ කියති. නිර්මාණවාදය පිළිගන්නා සියලූම ආගම් කියන්නේ පෘථිවිය දේව නිර්මාණයක් බවයි. පෘථිවිය මෙන්ම මනුෂ්‍යයා සහ එහි සියලූම භෞතික වස්තුන්ද දෙවියන් මැවු හැටි බයිබලය කුරානය ආදී ආගමික ග‍්‍රන්ථයන් හි සදහන් වේ. හෝකිනිස් විද්‍යාඥයා පැහැදිලි කරන ලෙසට විශ්වය නිර්මාණය වීමේදී දෙවියන්ට කරන්ඩ කිසිම දෙයක් තිබි නැත. හේතුව විශ්වය ඊට අයත් ස්වභාවික නීති අනුව නිර්මාණය වෙන හෙයිනි. හෝකින්ස් දේව නිර්මාණවාදය නිශ්ප‍්‍රභාග කරමින් ප‍්‍රකාශයට පත්කරන මෙම ග‍්‍රන්ථය නිසා නිර්මාණවාදී ආගම් මෙහෙයවන පුජකයින්ට ආයෙත් කරදරයක් සිදුවේ. 'අදහන්න' ' විශ්වාස කරන්න' කියමින් නිර්මාණවාදය පිළිගන්වන ඔවුන්ගෙන් අදහන්නෝ ස්වල්ප පිරිසක් හෝ ප‍්‍රශ්න කරන්ට ගනිති.
|
|
Wednesday, 01 September 2010 23:00 |
|
Top Lanka News
තායිලන්තයේ කතෝලික පාසැලක ගුරුවරයෙක් ළමයින්ට පහර දෙන දර්ශන ළමයෙකුගේ සෙල් ෆෝනයට හසුවීම නිසා ගුරුවරයා අමාරුවෙ වැටිල. නවින තාක්ෂණය රටක ප‍්‍රජාත්නත‍්‍රවාදය සදහා කොයිතරම් ආධාර වේද යන කාරණාව මෙයින් පැහැදිලි කෙරෙනව. මෙහෙම දේවල් අනාගතයේ ශ‍්‍රී ලංකාවෙනුත් එළියට එන්ඩ පුලූවනි. එමනිසා ගුරුවරු මේ වාගෙ අමන එමෙන්ම අමානුෂික වැඩ නොකර සිටිය යුතුයි. අධ්‍යාපන අමාත්‍යාංශයත් මෙම කාරණාව ගැන සැලකිලිමත් වෙන්ඩ ඕනැ. සියලූම ගුරුවරුන් සදහා යුගයට ගැලපෙන සදාචාර ධර්ම සංග‍්‍රහයක් සකස්කළ යුතුව තියෙනව. ඇයි එහෙම කියන්නෙ? |
|
Read more...
|
|
Written by ය. සු
|
|
Wednesday, 01 September 2010 16:40 |
Top Lanka News
 තමිල්නාඩුව යනු බිතානියන් හදපු රටක් ය කියා දෙමළ වංශයට පුර්විකාවක් නැමැති ග‍්‍රන්ථය් සදහන් කරයි. එහි අඩංගු ඉතා වැදගත් කාරණා අතර දෙමළ නමින් ජාතියක් ඈත පුරානයේ නොසිටියේ යන්න එකකි. අනෙක තමිල්නාඩුවට පුරානයේ එකිනෙකා සමග සටන් කරගත් වෙනස් වෙන් භාෂා කතා කරපු වෙනස් වෙනස් සංස්කෘතින් පැවති රටවල් හතරක් ගොනු වීමේ පුවතයි. මේක ස්වභාවික එකතුවිමක් නොවේ. කෘත‍්‍රිම එකතු කිරිමකි. බලහත්කාරකමකි.
|
|
Read more...
|
|
Written by ය. සුනන්ද
|
|
Monday, 30 August 2010 18:58 |
Top Lanka News ජනාධිපතිවරයාව සම්බන්ධ කරගෙන දඹුලූ සංඝසභාවේ ලේඛකාධිකාරී ඉනාමලූවේ ශ‍්‍රී සුමංගල හිමියන්ට සැරේට පහර ගැහීම අලූත්ම පඟර නැටුමයි. ඊට හේතුවෙලා තියෙන්නෙ ජනාධිපතිවරයා සීගිරියට ගොහින් ආපසු එද්දි දඹුල්ල පන්සලට ගිය වෙලාවෙ ඉනාමලූවෙ සිරි සුමංගල හාමුදුරුවො කරපු අනුශාසනාවකුයි. හොද ඒකාධිපතියෙක් වෙන්නයි කියල උන්නාන්සේ ජනාධිපතිවරයාට අනුශාසනා කෙරුව කියල පඟර කණ්ඩායමට බොහෝම තරහ ඇවිල්ල. සමහර වෙබ් අඩවිවල සිවුරු උස්සල පහර දෙනව. එක පඟරයෙක් සුමංගල හාමුදුරුවන්ව වැද්දෙක් විදිහටයි දැකල තියෙන්නෙ. සුමංගල හිමි වැදිබණක් දෙසුවා කියා ඔහු ලියා තිබුණ.
|
|
Read more...
|
|
Written by උදේනි
|
|
Saturday, 28 August 2010 19:14 |
 Top Lanka Nes රා බිව්ව මියාගේ කතාව බොහෝම පැරණි ජනකතාවක්. මේක පැරණි පාසැල් පොත්වලත් තිබුණා මට මතකයි. ඒ කතාව කෙටියෙන් මෙහෙමයි. එක්තරා මීයෙක් පොල් කට්ටක ඉතිරිවෙලා තිබුණ රා පොඞ්ඩක් දැකල බිවිව. ඌ වෙරිවුනා. 'මට බළලෙක් අහුවුනොත්- මම දන්නව කරන වැඬේ'. මීයා කෑ ගැහුව. කුඩා ළමයෙක් බළලෙක් විදිහට 'ඤාව්' කිව්ව. මියාගේ වෙරි හිදුන. 'අනේ හාමුදුරුවනේ! මාව මරන්න එපා' කියමින් ඌ පැනල දිව්ව.
|
|
Read more...
|
|
Written by ගාමිණී රත්නායක
|
|
Saturday, 28 August 2010 04:55 |
Top Lanka News මුන්නේශ්වරම දේවස්ථානයේ කෙරුන බිලිපුජාවට විරුද්ධතා දැක්වු භික්ෂුණ් වහන්සේලා ප‍්‍රධාන විවිධ සංවිධාන වලට හා පුද්ගලයින්ට නොයෙකුත් අන්දමේ දොස් පරොස් නැගු රාස්සයින් අතරින් සමහරෙක් ලිපි මගින් කෘර අදහස් ඉදිරිපත් කළහ. මේ කෘර අදහස් රූපවාහිනී නාලිකාවකට සම්බන්ධ වෙබ් අඩවියක ප‍්‍රසිද්ධකිරීම අන්තිම නරක වැඩකි. මෙවැනි ලියවිල්ලක ඊනියා බෞද්ධයින් වශයෙන් බිලි පුජාවට විරුද්ධතාවය දැක්වු සංඝයා වහන්සේලා ප‍්‍රධාන ජනතාව හදුන්වන රාස්සයා , ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ඕනෑම ආගමක් ඇදහීමට ඇති නිදහස අනුව හින්දුන්ට බිලි පුජා පැවැත්විමට සම්පුර්ණ නිදහස රටේ පවතින බව සදහන්කරයි. මේ රාස්සයා කියන විදිහට බෞද්ධයන්ට නිවන් දකින්ට අයිතියක් ඇතිවාක් මෙන්ම හින්දු ආගමිකයින්ට ද විමුක්තිය ලැබිමේ අයිතිය තිබේ. හින්දු බැතිමතුන් සත්තු කපන්නේ විමුක්තිය සොයායමිනි. නොයෙකුත් මිථ්‍යා වැඩ කරන බෞද්ධයින්, හින්දු මුස්ලිම් ආදි ආගමිකයින්ගේ විමුක්තිය පතා කෙරෙන සත්තු කැපිමට බාධා නොකළ යුතුයි.
මොන තරම් මුසල කතාවක්ද? රූපවාහිනි නාලිකාවකට සම්බන්ධ වෙබ් අඩවියක මෙවැනි අමන කතා අඩංගු ලිපියක් පළකර තිබි කියවිමි. අහෝ මෙහෙමත් මාධ්‍ය ආයතන.
|
|
Read more...
|
|
Written by රමණී
|
|
Friday, 27 August 2010 15:28 |
|
Top Lanka News  බයිබලය හොදටම වයින් බී හෝ කංසා උරවා හෝ මත්වු පුද්ගයින්ගේ රචනාවක් යයි පෝලන්තයේ ප‍්‍රසිද්ධම තරුණ ගායිකාවක් ගුවන් විදුලි සාකච්ඡාවක දි අදහස් දැක්වුවා ය. ඇය බයිබලයට අපහාස කළේ යයි චෝදනා යටතේ වෝර්සෝ උසාවියට ඉදිරිපත් කර සිටි.
|
|
Read more...
|
|
Thursday, 26 August 2010 15:50 |
Top Lanka News ලංකාවේ කාන්ති විමුක්ති කල්ලි බුරුම රජය මානව හිමිකම් උල්ලංඝණය කරන බව කියමින් ලිප්ටන් වට රවුමේ දැන්විම් උස්සාගෙන විරෝධතාවය ප‍්‍රකාශ කෙරුවා මතකයි. මේ වාගේ අවස්ථා තවත් බොහොමයක්. ලංකාවේ හා ලෝකයේ කාන්තාවන් වෙනුවෙන් ලිප්ටන් වටරවුමට යන කාන්තා විමුක්ති කල්ලි අරාබි රටවල කාන්තාවන් උදෙසා හඩ නොනැගීම ලොකු අඩුවකි. මෙන්න ඊට හොද අවස්ථාවක්. සවුදියේ කාන්තාව සුපර් මකට් එකෙනුත් ඉවත්කරන්ඩ යති. එහෙ ලොකු මොළ කාරයින් හිතන විදිහට කාන්තාවන් සුපර්මාකට්වල මුදල් අයකැමි රස්සා කිරිම නරක ක‍්‍රියාවකි. මේ සවුදියට විරෝධතාවය ප‍්‍රකාශ කරන්ඩ හොද අවස්ථාවක් නේද? ප‍්‍රජතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් වෙනුවෙන් නැහෙන ඉස්ලාම් සංවිධානත් මේ වැඬේට සම්බන්ධකර ගැනිම සුදුසුයි.
|
|
Written by බන්දුල සොයිසා
|
|
Thursday, 26 August 2010 15:18 |
Top Lanka News
තුමුලසෝම විහාරයේ දර්ශනයක්
පන්සල සහ දේවාලය එකම භුමි කලාපයක ගොඩනැංවී ඇති තැන් කිහිපයකි. කතරගම එවැනි ස්ථානයකි. කතරගම දෙවියන් යදින්ඩ යන බෞද්ධයෝ ඉතාම වැඩි පිරිසක් කිරිවෙහෙර ද වැද පුදාගනිති. මෙවැනි දෙයක් අනිත් තැන් බොහොමයක සිදුනොවේ. දෙවාලය දකින බෞද්ධයෝ විහාරය නොදකිති. මුන්නේශ්වරම හොදම නිදසුනයි. මෙහි දේවාලය දකින බෞද්ධයෝ විහාරය නොදකිති.
|
|
Read more...
|
|
Written by ශ‍්‍රියානි හලාවත වාර්තාකරු
|
|
Wednesday, 25 August 2010 15:49 |
|
Top Lanka News
මුන්නේශ්වරම යනු යාග පවත්වන ස්ථානයකි. මෙතන හින්දු දෙමළ මනුෂ්‍යයින්ගේ ස්ථානයක් වශයෙන් ප‍්‍රසිද්ධව ඇති නමුදු එහි පැමිණෙන බැතිමතුන් අතර වැඩිම පිරිස සිංහලු මිස දෙමලූ නොවෙති. සිංහල බෞද්ධයෝ විශාල වශයෙන් මුන්නේශ්වරම්ති. කතෝලික ස්වල්ප පිරිසක් එහි යති. මුන්නේශ්වරම් යව වැඩි දෙනෙක් කරන්නේ දැනුවත්ව හෝ නොදැනුවත්ව ලිංග වැදීමයි. මුන්නේශ්වරමේ කාලවර්ණ විශාල ශිව ලිංගයක් තිබේ. ලිංගය තියෙන පිරිමි මෙන්ම ස්ත‍්‍රින් ද තිරයෙන් මෙහා සිට ඊට වදිති. පුදති. ඉන්පසුව මේ වැඩි පිරිස කාලි දේවාලයට යති. කාලි යකින්නිකි. එහෙත් බැතිමත්තු මැයට මෑණියන් කියා කියති. මේ මෑණියෝ ලෙයට ප‍්‍රිය කරන්නියකි. බොහෝ දෙනෙක් මැයට බිල්ලක් දෙන්ඩ බාර වී තම තරහකාරයෙකුට හිරිහැර කරන්නැයි ඇයගෙන් ඉල්ලා සිටිති. නිතියෙන් සාධාරනයක් ඉටු නොවන විට කාලිය ලවා සාධාරනය ඉටුකරගන්ඩ සිතන මිනිස්සු ද බොහෝ වෙති. කාලි දේවාලයේ ඊයේ පැවති මහා යාගයේ එක අංගයක් වුයේ එලූවන් ප‍්‍රධාන සතුන් සිය ගණනකගේ බෙලි කැපිමයි. මෙය සත්ව ඝාතනයක් නිසා ඊට විරෝධතාවය ප‍්‍රකාශ කළවුන් පිරිසකි. එහෙත් ආරක්ෂක හමුදා ඔවුන් දේවාල භුමියට පැමිණිම වලක්වා පුසාරින්ට සත්තුන්ගේ බෙලි කැපිමට සුදුසු පරිසරයක් සකසා දුන්හ. බස්නාහිර වෙරළ ප‍්‍රදේශය සත්ව ඝාතනයට නම් දරයි. මෙම කලාපයේ වෙසෙන ජනතාවගෙන් සියයට එකක්වත් සත්වයින්ට මෛත‍්‍රය කළ යුතුයයි නොදනිති. කවුරුන් හෝ සතුන්ට මෛත‍්‍රය කළ යුතුයි කීවොත් සිනාසෙති. මේ ප‍්‍රදේශයේ දේවස්ථාන විශාල සංඛ්‍යාවකි. ඒවා අතරින් කිරි උතුරවීමේ සිරිතක් ඇත්තේ තනිවැල්ලේ දේවාල කිහිපයේ පමණි. අනිත් සේරම දේවස්ථානයන්හි වාර්ෂික උත්සව පැවැත්වෙද්දී සත්තු මරති. බිල්ලට මෙන්ම විකිණිමට මරති.
|
|
Written by උදේනි
|
|
Tuesday, 24 August 2010 21:28 |
|
Top Lanka News
අද එංගලන්තයේ පත්තරවල ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය ෆාදර් ජේම්ස් චෙස්නි නම් කතෝලික පුජකයා ගැන පමණක් ම නොවේ. ඔහු මෙහෙයවු බෝම්බ පිපිරවීම් වසන්කළ එංගලන්ත පොලිසියේ උසස් නිලධාරින් රජයේ ඇමතිවරු සහ අයර්ලන්ත කතෝලික දේවස්ථානයේ නායකයන් ගැන ද වෙන්වෙයි. අවුරුදු තිස් ගණනක් රහසක් වු බෝම්බ පිපිරවීම පිළිබද සැබැ කතාව හෙලිදරව් වී ඇත. එය කතෝලික දේවස්ථානයේ දැනුම ඇතිව කතොලික පුජක (ෆාදර්) ජේම්ස් චෙස්නි සිදුකරවන ලද්දකි. ඔහුව ආරක්ෂාකරපු උසස් පොලිස් නිලධාරීන් හා රජයේ ඇමතිවරුන් පිරිසකි. කතෝලික දේවස්ථානය විසින් කළේ සිද්ධිය සගවා ෆාදර් ජේම්ස්ව වෙනත් පලාතක දේවස්ථානයතට මාරුකර යැවිමයි. ඔහු 1980 වසරේදී මිය ගියේය. එදා මෝටර් රථයක සවිකර බොම්බය පිපිරවීමෙන් නවදෙනෙක් මිය ගොස් 30 දෙනෙක් තුවාල ලැබුහ. එහෙත් මිනිමරුවා ෆාදර් ජේම්ස් චෙස්නි කිසිම අධිකරනයක් හමුවට යැවුනේ නැත. කතෝලික දේවස්ථානයේ ගෞරවය ආරක්ෂා කිරිමට එංගලන්තයේ නීතිය බල්ලාට යැවු අවස්ථාවකි. |
|
Read more...
|
|
|
|
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>
|
|
Page 1 of 78 |